ජංගම දුරකථන අතීතාවරජනය

අපේ මේ හසිත දාපු Facebook පෝස්ට් එකක් නිසා මාවත් ඇදිල ගියා අතීතෙට. අතීතෙට කීවෙ තිබුන ෆෝන් ගැන තමයි. ඉස්සෙල්ලාම මගේම කියල ෆෝ්න් එකකට තිබුනෙ Nokia 3220 phone එක එතකොට මම 11 වසරෙ. ඒක ගත්තෙත් ඉතින් අම්මට කියල තමයි මොකද ඒ දවස් වල අපේ අයියට අරන් දීල තිබුනෙ Nokia 1100 phone එකක් එතකොට ඉතින් මටත් අරන් දෙන්න එපැයි නේද. කොහොම හරි ඉතින් ඔය ෆෝන් එක මගෙන් මට මොකක්ද ඕන කියල අහල ගෙනාපු එකක් නෙවෙයි ඕක වටේට ලයිට් එකකුත් පත්තු වෙන සීන් එකක් තිබුන ඒක මට සෙට් උනේ නෑ. ඕක ටික දවසක් මම තියන් ඉදල දීල දැන්ම යාලුවෙක්ට. පොර ඉතින් ටික ටික සල්ලි දීල ෆෝන් එක ගත්ත. ඊට පස්සෙ මම සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව අම්මල මම වෙනුවෙන් එකවුන්ට් එකක් හදල එකතු කරල තිබ්බ බැංකු පොතට විදල ගිහින් ගෙනාව Sony Ericsson K750 phone එකක්. අම්මල නම් බැන්න තමයි ඉතින් ඒත් කොල්ල සතුටින් නිසා ගානක් උනේ නෑ. ඕකෙ ඉතින් පාවිච්චි කරපු අය දන්නව ඇතිනෙ Joystick එකක් එක්ක තමයි ඕක අවේ පට්ට ෆෝන් එක. Sound එහෙමත් හොදයි. Hands-free සෙට් එක දාල සිංදුවක් අහද්දි මාර ගති.

කොහෙම හරි ඕක ටික කාලයක් පාවිච්චි කරල Joystick එකත් කරකව කරකව ඉදල කොහොම හරි ඒකත් පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්නෙ නැති වීගෙන ආව. ටිකක් තද කරල ඔබන්න ඕන උනා ජොයිස්ටික් එක. කොහොම හරි ඒ දවස් වල එක්කෙනෙක් ඇහුව විකුණන්නෙ නැද්ද කියල මටත් අලුත් එකක් ගන්න ඕනකමින් හිටපු නිසා ඒක දීල දැන්ම හැබැයි මහ ලොකු ගානක් නම් ගත්තෙ නෑ. ඒකෙන් කොහොම හරි මට අලුත් එකක් ගන්න සල්ලි මදි.

ඒ දවස් වල Mobitel 3G එහෙම යහමින් වටේමටම ආපු කාලෙ මම ආයෙ ගන්න Sony Ericsson ෆෝන් එකක් මයි බලලත් තිබුනෙ ඔයාල සමහර විට දන්නව ඇති Sony Ericsson K530i කියල එකක් ආව 3G ත් එක්කම. ඒ දවස් වල හොද ෆෝන් එකක්. 3G තියන ෆෝන් එකකට ඒක තමයි අඩුවටම තිබුනෙත් මට මතක විදියට. කොහොම හරි මදි පාඩුව අයියද කොහෙද දීල මම ගෙනාව ඒකක්. ඒකට තමයි මම දෙන්න පුලුවන් සේරම වද ටික දුන්නෙ. ඒ කාලෙ Internet කියන එකත් ටිකක් ජනප්‍රිය වීගෙන ආපු කාලෙ. ඉතින් අපිට මොන 3G Routerද අයිය ගෙනාව මොබිටෙල් පැකේජ් එකක් ඒ සිම් එක මගේ ෆෝන් එකට දාල ඒක computer එකට ගහල තමයි internet ආවේ. දාපු සෙල්ලම් ඔක්කොම දැන්මෙ ඒකෙන් තමයි. සයිට් හදන ඒවයි හැම මගුලක්ම. වැඩ කරන ගමන් ෆෝන් එක අල්ලල එහෙම බලනව ඉතින් ගොඩක් රත් වෙලාද කියල. කොහොම හරි ගොඩක් දේවල් ඉගන ගත්තෙත් ඒක නිසා. සිංහල බ්ලෝග ලියන්න පටන් ගත්තෙත් ඒකෙන් ඇවිත් තමයි. කොහොම හරි ඒ දවස් වල ඔය ෆෝන් වල දැන් වගේ සිංහල පේන්නෙ නෑ. ඒකට කලේ කොහොම හරි සිංහල font එකත් ෆෝන් එකට දා ගත්ත. Rendering නම් ටිකක් අවුල් ඉතින් ඇලපිලි ඉස්පිලි පාපිලි එහෙ මෙහෙ වෙලා තමයි පේන්නේ මොකද font එක විතරක්නෙ නිකන් දැන්මෙ ෆෝන් එක දන්නෙ නෑ අපේ භාෂාවෙ තියෙන නීති රීති ටික හරියට ගලපගන්න. කොහෙම හරි ඊගාව ප්‍රශනෙ තිබුනෙ කොහොමද type කරන්නෙ කියන එක. දැන් නම් අවුලක් නෑනේ හැමෝම Android ඒකට අපේ ධනික අයියගෙ හෙළකුරු තියෙන නිසා ටයිප් කරන්න ලේසී. හැබැයි ඒ කාලෙ ඒව නෑ ඉතින් මගේ බ්ලොග් එකේ මම ෆෝන් එකට සිංහල දාපු හැටි ලියල තිබුන article එකට කෙනෙක් දාල තිබන comment එකින් තමයි ටයිප් කරන විදියට අදහසක් ගත්තෙ. කණගාටුවෙන් උනත් කියන්න ඕන ඒ අදහස දුන්නෙ කවුද කියල මට දැන් හොයා ගන්න බෑ නම තිබුනෙ සම්පත් කියල.

කොහොම හරි අදහස උනේ මේකයි. එ කාලෙ UCSC එකේ යුනිකේත පරිවර්තකය ඒ වෙනකොටත් හදල තිබුනෙ එකෙ අපි සිංග්ලිශ් වලින් ටයිප් කරන එක යුනිකෝඩ් වලට පරිවර්ථනය කරල ගන්න පුලුවන්. ඉතින් මම කලේ UCSC එකේ යුනිකේත පරිවර්තකයෙ කෝඩ් එක උස්සල ඒක පොඩි කරල ෆෝන් එකට හරි යන්න හදාගෙන HTML, JavaScript ෆයිල් සේව් කරල ෆෝන් එකේම තියා ගත්ත. එහෙම තමයි ඒ දවස් වල ෆෝන් එකෙන් ටයිප් කලේ!

කොහොම හරි ටික කාලයක් ඕක පාවිච්චි කරගෙන පාඩුවේ හිටිය. ඒ දවස් වල මම A/L වලට ගම්පහ class යනව. කොහොම හරි ගම්පහදි හම්බුනා යාලුවෙක්. කතා කලේ ඉතින් ෆෝන් එක දැකල. එහෙමයි යාලුවො උනේ මොකද එයාටත් තිබුනෙ K530i එකක්ම තමයි. කොල්ලොනෙ කෙල්ලො වගේ මෝඩ නෑ ඉතින් අදුරගෙන දැනුම හුවමාරු කර ගන්නව. කොහොම හරි එයා මට කීව මචං මේ ෆෝන් එකට Sony Ericsson w610 එකේ Firmware එක ගහන්න පුලුවන් මමත් මේ දවස් වල හොය හොය ඉන්නෙ පේන විදියට කිසි වෙනසක් නෑ වෙනසකට තියෙන්නෙ 530යේ ෆ්ලෑශර් එකක් නැති එක විතරයි කියල. ඒ දවස් වල Sony Ericsson W series එක කියන්නෙ Sound වලට පට්ට ෆෝන් එකක්. ෆෝන් එකත් එක්ක පොඩි ස්පීකර් සෙට් එකකුත් හම්බෙනව සිංදු අහන්නම. ෆෝන් එකේ එන ප්ලයෙර් එකත් හොදයි ඒ වගේම ඒ Firmware එකේ Flash files එහෙමත් වැඩ ඉතින් ඔන්න මටත් w610 එකේ Firmware ගැසීම උණ ආව.

ගෙදර අැවිත් හෙව්ව අන්තර් ජංජාලය පීරල විස්තරේ. කොහෙම හරි හම්බුනා Tutorial එකක් කොහොමද Firmware flash කරන්නෙ කියල. යාළුව කියපු කතාවත් ඇත්ත ලොකු වෙනසක් ඇත්තෙ නෑ ෆෝන් දෙකේ Firmware එක ගහන්න පුලුවන්. ඕන කරන ඔක්කොම download කරගෙන flash කරන හැටි හොදට කියෙවුව. උඩින්ම තිබුනේ මේව කරල ෆෝන් එකට කෙලව ගත්තොත් අපි වග කියන්නෙ නෑ කියල. මුලින්ම බය කරල. ඉංග්‍රීසියෙන්නෙ තියෙන්නෙ කියෙවුව 10 පාරක් විතර ඒක. මම කියවල අයියටත් කතා කරල කියවල බලන්න කිව. කොහොම හරි දවස් දෙක තුනක් ඕක කියව කියව මොකද කරන්නේ කිය කිය හිත හිත හිටියේ. අන්තිමට කොහොම හරි තීරණය කලා ඕන එකක් වෙච්චාවි කරල බලනව කියල. කලින් ඒ tool ටිකක් පාවිච්චි කරල තිබුන මොකද සිංහල ෆොන්ට් එක එහෙම දාන්න ඇතුලට රිංගන්න උනානේ. අන්තිමට වැඩේ ගොඩ. ලස්සට w610 එකේ Firmware එක k530i එකේ දුවනව. ආසාවෙ බෑ ඉතින්. ඒ දවස් වල තිබුන flash theme එකක් එහෙම දාගෙන ඩයල් එක වගේ තමයි හිටියෙ ඉතින්. කොහොම හරි යාලුවෙක්ගෙ එකකටත් ගහල දුන්න පස්සෙ දවසක.

Sony Ericsson K530i එක තමයි මගේ ජීවිතේ දෙන්න පුලුවන් වද සේරම දීපු ෆෝන් එකකට තිබුනෙ. ඒ වගේම එ ෆෝන් එක කවදාවත් මාව අමාරුවෙ දාලත් නෑ. කොහොම හරි පස්සෙ කාලෙක ඒකෙ බැටරිය එහෙම සවුත්තු උනා ඊටත් අමතරව ඒ කාලෙ android ෆෝන් ජනප්‍රිය වීගෙන ආපු කාලේ. ඉතින් මටත් ඒ උණ හැදිල ගත්ත android ෆෝන් එකක්. මගේ k530i නම් තාම ඇති ලාච්චුවක දාල හැබැයි බැටරිය නම් නෑ.

Android ජනප්‍රිය උනා වගේම ගනනුත් ටිකක් ඒ ෆෝන්, මගේ තිබ්බ බජට් එකට සෙට් උනේ කොහොම හරි Samsung Galaxy Ace ෆෝන් එක. මම දන්න ගොඩක් අයගෙ මුල්ම android ෆෝන් එක උනෙත් ඒක. Ace එක ගත්තට පස්සෙ නම් සිංහල ලොකු ගැටලුවක් උනේ නෑ මොකද ඒ කාලේ අපේ ධනික අයියගේ SETT Browser එක එහෙම ආව සිංහල පේන විදියට. ඉතින් අස්සෙ රිංගල ෆොන්ට් දාන්න අරව මේව ප්‍රශ්ණ මොකුත් නැති නිසා ඒ ෆෝන් එක අඩුම ගානෙ root කරල වත් නෑ. ටික කාලයක් ඒක පාවිච්චි කරල එකෙත් බැටරිය එහෙම සව්ත්තු උනා වගේම අලුත් අලුත් app run කරන එක ටිකක් අමාරු උනා ඊට පස්සෙ මම ගියේ pure android තියෙන ගූගල් සමාගම LG එක්ක එකතු වෙලා හදපු Google Nexus 5 කියන ෆෝන් එකට. එ් ෆෝන් එක ගොඩක් අය අතර ජනප්‍රිය උන ෆෝන් එකක්. ඒක නිසාම එයාල  Nexus 5x කියල අලුත් එකකුත් හැදුව.

කොහොම හරි android ෆෝන් ගත්තට පස්සෙ අමුතුවෙන් කරන්න කියල දෙයක් තිබුනෙ නෑ මට ඕන කරන ඔක්කොම වගේ ඒවයි තිබුන ඒක නිසා ඒව root කරන්න මොකුත් කරන්න ගියේ නෑ සාමාන්‍ය විදියට පාවිච්චි කලා. දවසක් කොහොම හරි මගේ Nexus 5 එක මගෙ අතින් වැටිල Display එකේ ඉරි ටිකක් ගියා එතකොට මම හිටියෙ Malaysia වල මට ඒක repair කරන්න කොටස් ගන්න තැනක් හම්බුනේ නෑ ඉතින් ඒක මම eBay එකෙන් ඕඩර් කරල එතකම් පාවිච්චයට ගන්න Oppo F1s ෆෝන් එකක් ගත්ත. හෙවුවෙ Nexus 5x එකක් ඒකත් මට හම්බුනේ නෑ. කොහොම හරි Display එක ආවට පස්සේ nexus 5 එකත් හදා ගත්ත දැන් ෆෝන් දෙකම පාවිච්චි කරනව. Oppo ෆෝන් එකත් අවුලක් නෑ මම දැන් මාස 7ක විතර ඉදල පාවිච්චි කරනව.

ඔන්න ඕකයි මගේ ජංගම දුරකතන කතාව. ඔයාලගෙත් මේ වගේ කතාවක් තියේ නම් බෙදා ගන්න ඉතින්. හසිත දාපු Facebook පෝස්ට් එක නිසා තමයි මතක් වෙලා මේක ලිවුවේ.

4 responses to “ජංගම දුරකථන අතීතාවරජනය”

  1. Hasitha J. says:

    මම Sony Ericsson පාවිච්චි කරලම නෑ, Ace එකට කලින් තිබ්බෙ Philips එකක්.

    මම උදිය කියපු හින්ද මලින්ත ලියපි පෝස්ට් එකක් බලන් Ace එක root කටල සිංහල දැම්ම, පස්සෙ හෙලකුරු ආව හින්ද සිංහලෙන් ලියන එකත් ලේසි උනානෙ.

    අනික මතකද උබේ Ace එක ගත්ත දවස ?

    • Yo says:

      ඇයි මතක නැත්තෙ කොහෙදෝ ඉදල උබත් ආවනේ එදා 😀 ඒ කාලෙ Sony Ericsson කියන්නෙ පට්ට ෆෝන් එකක්. Nokia තමයි උඩින්ම හිටියෙ ඉතින්.

  2. Gehan Chandika says:

    ඔය හසිතයගේ ෆෝන් එකක් මම එක පාරක් බලෙන්ම අප්ඩේට් කෙරෙව්වා. 😛

    • Yo says:

      කවුරුවත් අපිව එහෙම උනන්දු කලේ නැහැනෙ 😀 😀 ඇයි ඒ එහෙම කොන් කරල 😀 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *