යටත්විජිත පාලනය, නිදහස හා නව රාජ්‍ය

ශ්‍රී ලංකාව අභිමානවත් 71 වන නිදහස සමරන අද වගේ දවසක පුංචි ලිපියක් ලියන්න හිතුන.

ලංකාව කියන්නෙ විශාල අතීතයක් තියෙන රටක්, බලංගොඩ මානවයාගේ ඉතිහාසය වසර එක් ලක්ෂ විසි පන්දහසක් තරම් දුරට දිව ගියත් අපිට ලිිඛිත සාක්ෂි අනුව ඔප්පු කරන්න පුලුවන්කම තියෙන්න ක්‍රිස්තු පූර්ව 543ක වගේ කාලයක ඉඳල විතරයි. ඒ කියන්නෙ විජයාගමනයේ ඉඳල තමයි ලිඛිත ඉතිහාසයක් අපි සතුව තියෙන්නෙ. කෙසේ හෝ ලංකාව කියන්නෙ එක් එක් අවස්තා ගනනාවකදිම විදේශීය ආක්‍රමණයන්ට යටත් වෙමින් ඉදිරියට ආපු රාජ්‍යයක්. පෘතුගීසින්, ලංදේසීන් සහ අවසාන වශයෙන් මුලු ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට යටත් කර ගත්ත ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වීම තමයි අද අපි 71 වන නිදහස් දිනය ලෙස සමරන්නෙ.

යටත් විජිත පාලනය

1815 කන්ද උඩරට ගිවිසුමෙන්, මුලු ලංකාවෙම පාලනය ඉංග්‍රීසීන් යටත් කරගැනීමෙන් පසු ඔවුන්ගෙ ප්‍රධානම දේ උනේ අපේ රටේ සම්පත් භාවිතයෙන් ආදායම් උපයන එක. මහා පරිමාණ වැවැලි බෝග ඉන් ප්‍රධාන තැනක් ගත් අතර තේ, කෝපි, කොකෝව වගේ වැවිලි ඉන් ප්‍රධාන උනා.

මේ කාලයේදිම තමයි මොවුන් අප අදටත් භාවිතා කරන දුම්රිය මාර්ග පද්ධතිය පවා ඔවුන්ගේ භාණ්ඩ හා සේවා ප්‍රවාහනය වෙනුවෙන් නිර්මාණය කර ගන්නෙ. කෙසේ හෝ මෙසේ අප යටත් කරගෙන ටික කාලයක් පාලනය කරගෙන යන විට අපේ රටේ ආදායමට වඩා වියදම ඉහල ගියා එම නිසා ආණ්ඩුකාරවරයාට සිදු වෙනව සැරින් සැරේ අවශ්‍ය මුදල් සපයා දෙන්න කියල බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉල්ලීම් කරන්න. නමුත් ලංකාව යටත් කරගෙන පාලනය කිරීමේ ප්‍රධාන අරමුණ වෙච්ච ආදායම් ඉපයීම පාඩු ලැබීමක් දක්වා යන නිසා බ්‍රිතාන්‍ය යටත් විජිත ලේඛම් විසින්, “විලියම් මැක්වින් ජේාජ් කෝල්බෲක්” සහ “චාල්ස් හේ කැමරන්” යන දෙදනා ඇතුලත් දෙපුද්ගල කමිටුවක් පත්කරනව ලංකාවට ඇවිත් මේ සම්බන්ඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට.

source: http://serendib.btoptions.lk/cpanel/uploader/1966/main.jpg

1833 – කෝල්බෲක් – කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

1833 වර්ශයේ මොවුන්ගේ නිර්දේශ අනුව අපේ ලංකාවට “කෝල්බෲක් – කැමරන්” ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් ව්‍යවස්ථාදායක සභාව හා විධායක සභාව පිහිටුවීම, දිවයින පලාත් පහකට බෙදා පාලනය කිරීම, රජයේ වෙළඳ ඒකාධිකාරිය අහොසි කිරීම, අනිවාර්යය රාජකාරි සේවා අහෝසි කිරීම හා ඉංග්‍රීසි අධ්‍යාපනය ඇති කිරීම වැනි තීරණ කිහපයක් ක්‍රියාත්මක වෙමින් ලංකාව පාලනය කිරීම ඇරඹෙනව. කෙසේ හෝ මේ රාජ්‍ය වෙළඳ ඒකාධිකාරිය අහොසි කිරීම හේතුවෙන් තමයි 1840 වර්ශයේ අනවසර ඉඩම් ආඥා පනත මගින් ලංකාවෙ ගොඩක් අයගෙ ඉඩම් ඔවුන්ට අහිමි වෙන්නෙ. බ්‍රිතාන්‍ය පාලනයට කලින් රාජාණ්ඩුව තිබුන කාලෙ සියලුම ඉඩම් අයිතිය තිබුනෙ රජතුමාට නිසා ඉඩම් වල අයිතිය පිළිබඳ කිසිදු ලියවිල්ලක් ජනතාව සතුව තුබුනෙ නෑ. ඔවුන් සියලු ඉඩකඩම් වෙන් වී තිබුනෙ කට වචනයට විතරයි. ඉතින් අනවසර ඉඩම් ආඥා පනත මගින් සිදු උනේ තමන්ගේ යැයි ඔප්පු කරගත නොහැකි සියලු ඉඩකඩම් සියල්ල රාජසන්තක උනා. එසේ ගත්ත ඉඩම් වල තමයි බ්‍රිතාන්‍ය ව්‍යපාරිකයන්ට වැවැලි කටයුතු කිරීමට ලබා දුන්නෙ. ඉතින් මේ ප්‍රතිසංස්කරණ වලින් ලංකාවෙ ආදායම ටිකක් වැඩි කරගන්න හැකියාවක් ලැබුනත් ඒ කාලෙ කොහොම හරි මේ ප්‍රතිසංස්කරණයේ සමහර දේවල් සංශෝධනය වෙන්න ඕන කියල ලංකාවෙ ප්‍රථම වරට බ්‍රිතාන්‍යන් විසින් උද්ගෝශනයක් පවා සංවිධානය කරල තියෙනව. (“කෝල්බෲක් – කැමරන්” ප්‍රතිසංස්කරණය ගැන කියන්න දේවල් නම් තව ගොඩක් තියෙනව ඒත් දේශපාලනව විද්‍යාව පාඩමක් නොවන නිසා මෙතනින් නවතිනව)

කෙසේ හෝ මෙහෙම රට පාලනය කරගෙන යන කොට රටේ ජනතාවගේ ඉල්ලීම් නිසා අපේ රට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගනනාවකටම යටත් වෙලා තමයි මේ දක්වා ඇවිත් තියෙන්නෙ. ඒ අතරින්,

1910 වර්ශයේ “කෲව් – මැකලම්” ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් රටේ සීමිත පිරිසකට ඡන්ද බලය පවා හිමි වෙලා තියෙනව. මේ සීමිත පිරිස එවකට රටේ ජනගහනයෙන් 4% එනම් 2624ක් පමණ වූ අතර ඔවුන් තෝරාගෙන තියෙන්නෙ, වයස අවුරුදු 21ට වැඩි, ඉංග්‍රිසි භාෂාව ලිවීමට හා කතා කිරීමට හැකි, කේම්බ්‍රිජ් කණිෂ්ඨ විභාගය සමත්, වාර්ශික ආදායම රුපියල් 1500ට වඩා වැඩි පුරුෂයෙකු වීම යන සුදුසුකම් මතය. ඉන්පසු ටික කාලයකින් එනම් 1931 වර්ශයේ “ඩොනමෝර්” ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් මේ ඡන්ද ක්‍රමය වෙනස් කර සර්වජන ඡන්ද බලයක් හිමිවෙනව අපේ රටේ ජනතාවට. ඒකෙන් රටේ වයස අවුරුදු 21 වැඩි සියලුම දෙනාට ඡන්ද බලය හිමිවෙනව. මේ ප්‍රතිසංසකරණ කාලෙම තමයි අපේ රටේ විධායක කාරක සභා ඇති වෙන්නෙ. ඒ කියන්නෙ දැන් තියෙන අමාත්‍යංශ වගේ. හැබැයි ඇමතිවරු නෙවෙයි කාරක සභා සභාපතිවරු හිටියෙ. ඒ අතරින් ලංකාවෙ කෘෂිකර්මාන්තයට විශාල සේවයක් කරපු අපගේ ජාතියේ පියා ලෙස සැලකෙන දිවංගත ඩී. එස්. සේනානායකය මැතිතුමා තමයි එවකට කෘෂිකර්ම හා ඉඩම් විධායක කාරක සභාවෙ සභාපති වෙලා තියෙන්නෙ. ඒ වගේම අධ්‍යාපන කාරක සභාවෙ සභාපති ලෙස අපගේ නිදහස් අධ්‍යාපනයේ පියා දිවංගත සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිතුමා වැඩ කරල තියෙනව. කොහොම හරි මෙහෙම ගිහින් 1947 වර්ශයේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත් සිදු වෙලා 1948 වර්ශයේ බලෙන් වගේ අපට නිදහස දීල බ්‍රිතාන්‍යන් තමන්ගේ මවු රටට යනව. අන්න එදා ඒ හම්බුන නිදහස තමයි අපි අදත් මේ සමරන්නෙ.

නව රාජ්‍ය

1948 අපට නිදහස ලැබීමෙන් පසු ලංකාව නව රාජ්‍යයක් ලෙස ඉදිරියට ගියේ තවත් ප්‍රධාන ආණ්ඩුකුම ව්‍යවස්තා ප්‍රතිසංස්කණ දෙකක්ද ඇතුලත්ව ඉන් 1972 පළමු ජනරජ ව්‍යවස්තාව හා දෙවනුව දැනටත් භාවිතා කරන 1978 දෙවන ජනරජ ව්‍යවස්තා ප්‍රතිසංස්කරණය ඇති උනා. කෙසේ හෝ නව රාජ්‍ය වලට ඇති සියලු පොදු ලක්ෂණ වන, ආර්ථීක වශයෙන් සංවර්ධිත නොවීම, දියුණු ප්‍රජාත්‍රන්තවාදී දේශපාලන ක්‍රමවේද අනුගමනය නොකිරීම, සමාජීය වශයෙන් බහුවිධ ස්වරූප වීම එනම් ජාති ආගම් කුල වශයෙන් බෙදී පැවතීම, යන සියල්ලම අප සතුව ඇති අතර ඒවා නිසා අප පාසල් යන සමයේ සිට ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක් විදියට වැජබෙමින් තියෙනව.

71 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *