යහපාලනයෙන් ඩොලරයටත් කෙලවලද ?

අද විහිලුවට වගේ දැක්ක, Back to Mahinda කියන ෆෙස්බුක් පේජ් එකේ තිබුන මේ පින්තුරේ නිසා මට නිකමට ලියන්න හිතුන ලිපියක්. බයියන් සහ ටොයියන් විදියට බෙදිල දේශපාලන වාසි දිහා බලාගෙන හොයන්නෙ බලන්නෙ නැතුව පොටෝ ශෙයා කරන මාමලාට නැන්දලාට අයියලාට අක්කලාට මල්ලිලා නංගිලාටයි මේ 😉

 

මහින්ද අපිට රට බාර දෙනකොට ඩොලරය තිබුනෙ 124 /- ට.

මම මේක ගැන මොකුත් ලියන්නෙ නෑ මහ බැංකු වාර්ථා වලින් ජනවාරි 8 වෙනිද ඇමරිකන් ඩොලරය කීයටද තිබුනෙ කියල ඔන්න බලා ගන්න 😉 ඒ වගේමයි මහින්ද රාජපක්ෂ 2004 අගමැති වෙද්දි තිබුන ඩොලරයේ අගය බලන්න විදයක් නෑ මහ බැංකු වෙබ් අඩවි‍යේ නමුත් ඔහු ජනාධිපති වෙලා ඉන්න 2007 වසරේ ඩොල‍රයේ අගය බලන්න පුලුවන් ඒකත් පොඩ්ඩක් බලන්න 😉

http://www.cbsl.gov.lk/htm/english/_cei/er/e_1.asp

දැන් 140ට වැඩි කලා..

ඒකත් බලලම ඉන්නකො.. ඊට පසුව බලමු මේව දාන අයට කොහොමද 140ක් උනේ කියල 😉

http://www.cbsl.gov.lk/htm/english/_cei/er/e_1.asp

මම කියන්න ඕන නැහැනෙ හැ‍මෝටම තේරෙනව ෆේස්බුක් කියන්නෙ පරිගණකයක්/ජංගම දුරකතනයක් සමග අන්තර්ජාල සැපයුමක් තියෙන ඕන කෙනෙක්ට ඇවිල්ල ඔය ව‍ගේ ඒව හදල දාන්න පුලුවන්. මට නම් දැනෙන විදියට මේව හදන අය වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න ගමන් කලාතුරකින් වගේ ebay එකෙන් මොනව හරි අරගෙන ඒකෙ අයවෙන ගාන දැකල ‍පොඩ්ඩක් ‍ගණන් හදල බලල යකෝ ඩොලර් එකට 140ක් කැපිලනෙ කියල කියන අය.

ගොඩක් අය දන්න දෙයක් තමයි ebay එකේ ගොඩක් වෙළඳුන් Paypal වලින් විතරයි ගණුදෙනු කරන්නෙ. ඉතින් ebay එකෙන් මොනව හරි ගන්නව නම් ඔහුට මුදල් ගෙවන්න ඕන Paypal හරහාම තමයි, වෙන විදියක් නෑ. ඒ වගේමයි ගොඩක් වෙලාවට ebay එකේ මුදල් ඒකකය විදියට තියෙන්නෙත් ඇමරිකන් ඩොලරය.

හැමෝම දන්නව ඇතිනේ ලංකාවේ රුපියල් වලින් ගෙවද්දි ඒක ඇමරිකන් ඩොලරයට පරිවර්ථනය වෙලා තමයි අපෙන් රුපියල් ගණන අඩු වෙන්නෙ. ඒක කරන්නෙ බැංකුව මගින්, අපි exchange rate එක බලල ගණන් හදල ඒ ගාන ගෙවන්න ඕන නෑ බැංකුවෙන් ඒ දේ ස්වංක්‍රීයව වෙනව. ඒ උනාට මේ ගොඩක් අය දන්නෙ නැති දෙයක් තියෙනව. ඒ තමයි Paypal එක මගින් මේ මුදල් ඒකක පරිවර්ථනය කරල කෙලින්ම අපේ බැංකුවෙන් රුපියල් ගණන අය කර ගන්නව. ඒක වෙද්දි අපි ලංකවෙ බැංකුවේ බලද්දි තියන exchange rate එක වගේ නෙවෙයි, Paypal එකෙන් වැඩි මුදලක් අය කරනව මේ මුදල් ඒකක පරිවර්ථනය කරන්න. ගොඩක් දෙනෙක් ඒක නොදැනුවත්ව තමයි ගණුදෙනු කරන්නෙ. ඕක දැකල තමයි සමහර අය ඔය වගේ පෝස්ට් හදල ෆේස්බුක් එකේ ශෙයා කරන්නෙ. අනිත් අයත් දැක්ක පලියට දේශපාලන වාසි, තරහ හිතේ තියාගෙන ඕව ශෙයා කරන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බලල ශෙයා කරා නම් වටිනව 🙂

කොහොමද ඒක වෙනස් කර ගන්නේ..

 


ඔයාල Paypal මගින් කිසියම් ගෙවීමක් කරන වෙලාවට ඉහත රූපයේ තියෙන විදියට අවස්තාවක් වේවි ගෙවීමට කලින් නැවතත් පරීක්ෂා කර බලන්න. අන්න ඒ වෙලාවට එතන තියෙනව “Other Conversion Options” කියල Link එකක්. ඒ ලින්ක් එකට ගියාම පහල තියන ආකාරයට දිස් වේවි..

 

මේකෙ ඉහත රූපයේ පෙනෙන විදියට “Bill me in the currency listed on the seller’s invoice.” කියන radio button එක mark කරල Submit කරල අදාල ගෙවීම සිදු කලා නම් ඔයාලගෙ බැංකුව මගින් අදාල මුදල් ඒකක පරිවර්ථනය සිදු කරල අවශ්‍ය ප්‍රමාණයට ගෙවීම සිදු කරාවි. එතකොට ඔයාලගෙ මුදලුත් ඉතුරුයි, ‍බොරුවට අනිත් අයව රැවටෙන පෝස්ට් හදල ෆේස්බුක් එකට දාන්න මහන්සි වෙන්න ඕනත් නෑ.

අන්තිමට කියන්න තියෙන්නෙ ෆේස්බුක් කියන්නේ විවිධ පුද්ගලයො විවධ අරමුණු ඇතුව එන ස්ථානයක් ඒක නිසා හැ‍මෝම දෙයක් දැක්ක ගමන් යකෝ මුන් කාලකණ්නි කියාගෙන තියන තරහට හෝ දේශපාලන වාසි වෙනුනේ ශෙයා කරන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බලල දෙයක් ශෙයා කරා නම් වටිනව. හදන අයත් අනිත් අය රවටන්නෙ නැතුව ඕවා කරා නම් ගොඩක් හොඳයි. මම මේ දැක්ක එකක් විතරයි දැන්මේ. ‍ෆේස්බුක් එකේ බොරුව ඕන තරම් තියනව. පාවිච්චි කරන අය හොයල බලල පාවිච්චි කලා නම් හරි 🙂

2 responses to “යහපාලනයෙන් ඩොලරයටත් කෙලවලද ?”

  1. Sajith says:

    ඔච්චර බනින්න එපා බන් මිනිස්සුන්ට 😀
    මොනව උනත් ගාන ටිකක් විතර වැඩි වෙලා නැද්ද එතකොට?

    • Yo says:

      කවුද බං බැන්නේ පොඩ්ඩක් විස්තර ටිකක් හොයල දැන්මේ 😉
      පහුගිය ආණ්ඩුව කාලේ මීට වැඩිය වැඩි උනා කියල එහෙම මතකයක් නැද්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *