කොළඹ කුණු කඳු සහ කසල කළමණාකරනය

කසල කළමණාකරනය මේ දවස් වල ලංකාවෙ ලොකු ගැටලුවක්. Facebook එකේ ඡායාරූප කිහිපයක් සංසරණය වෙනව කොළඹ කුණු පිරිල අයින් කරල නෑ කියල. ගොඩක් අය කියන්නෙ පහුගිය ආණ්ඩුව කාලෙ හොඳට කසල කළමණාකරනය කලා ඒත් දැන් ඒක වෙන්නෙ නෑ කියල.

Image courtesy of facebook.com

 

මට නම් තේරෙන විදියට වෙලා තියෙන්නෙ ලංකාවෙ තවමත් ස්තීර විසඳුමක් මේ කසල ප්‍රශ්ණයට නෑ. 2004 අවුරුද්දෙ මහින්ද රාජපක්ෂ අගමැති වෙලා 2005 අවුරුද්දෙ ජනාධිපති වෙනකොටත් ලංකාවෙ කසල කළමණාකරනයට විසඳුම් තිබුනෙ නෑ. 2015 ජනාධිපතිවරණය පැරදිලා යද්දිත් ලංකාවේ හරි හමන් කසල කළමණාකරනයක් තිබුන නම් මේ වෙද්දි මෙහෙම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. එහෙම උනා නම් දැන් අපේ රට කසල ප්‍රතිචක්‍රීකරණය කරල පෙහොරත් හදල අමතර ආදායකුත් උපයල. සමහර ප්‍රාදේශීය සභා නගර සභා තියෙනව ඔවුන්ගේ කසල කළමණාකරන ව්‍යාපෘති මගින් ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණය සිදු කරල පොහොර නිශ්පාදන කරල අමතර ආදායමක් උපයනව. ඒත් ඒ පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් රජයක් වශයෙන් තිබිල නෑ.

දැන් මේ දවස්වල හැමෝටම පේන්න තියෙන්නෙ කොළඹ කුණු. ඒ දවස් වල කොළඹ කුණු වලට මොකද උනේ? දැන් මොකද වෙන්නෙ?

 

2009 අවුරුද්දෙ අවුරුදු 30ක යුද්ධය ඉවර වෙලා ඉන්නෙ වෙලාවෙ නාගරික සංවර්ධන අධිකාරිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මතාට බාර දෙන්නෙ කොළඹ ලස්සන කරන්න කියල. යුද්දෙත් ඉවර වෙලා හිටපු වෙලාවෙ එතුම ගොඩක් දේවල් කොළඹ කලා. ඒ දවස් වල හැමෝම දකින්න ඇතිනෙ පාරවල් හැදෙනව, ඇවිදින මංතීරු හදනව. පාර දෙපස කැට අල්ලල පදික වේදිකාව හදනව පදික වේදිකාවෙ වෙළදාම් තහනම් කරල එයාලට වෙනම ස්ථානයක් හදල දෙනව වගේ වැඩ විශාල ප්‍රමාණයක් කලා. මට මතකයි බේරෙ වැව පවා සුද්ද කරල පාවෙන කඩ ටිකකුත් හැදුව.

ඒ දේවල් එහෙම වෙද්දි කොළඹ එකතු වෙන කුණු වලට මොකද උනේ? එකතු කරල ගෙනිහින් ප්‍රතිචක්‍රීයකරනය කරල ඒ කුණු ප්‍රශ්ණය විසඳුනාද? ඇත්තටම එහෙම උනා නම් කොච්චර දෙයක්ද එහෙනම් අපේ රටේ කුණු කන්දක් නාය ගිහින් මිනිස්සු නොමැරී ඉන්න තිබුන.

බ්ලූමැන්ඩල් කුණු කන්ද ඒ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ ස්ථානයක්. එතන තමයි සම්පූර්ණ මුලු කොළඹම කුණු ගොඩ ගැහුවෙ. ඒත් ජනතා විරෝධයත් පරිසර වේදීන්ගෙ විරෝධයත් එක්ක අධිකරණ නියෝගයකින් බ්ලූමැන්ඩල් කුණු කන්දට කුනු දාන එක තහනම් උනා. ඊට පස්සෙ මොකද උනේ? එතන තහනම් වෙච්ච නිසා එකතු වෙන කුණු ටික ඔක්කොම ගියේ කොලොන්නාවට. මිනිස්සුන්ට පේන්න කොළඹ ලස්සන වෙද්දි එකතු වෙන කුණු සියල්ල ඇවිත් මීතොටමුල්ල කුණු කන්දක් නිර්මාණය උනා. ගොඩක් අයට පෙනුනෙ කොළඹ ලස්සන වෙන එක විතරයි. කිසිම විද්‍යානුකූල ක්‍රමවේදයක් නොමැතිව හැමෝටම හොරෙන් තවත් විශාල කුණු කන්දක් නිර්මාණය වෙනව කියල කාටවත් දැනුනෙ නෑ.

කොහොම හරි ආණ්ඩු මාරුව සිදු වෙලත් කුණු ටික දිගටම ගියේ මීතොටමුල්ලට. ඔය අතර තමයි අවාසනාවන්ත විදියට ඔය කුණු කන්ද නාය ගිහින් ජීවිත සහ දේපල රැසක් විනාශ උනේ. දැන් කුණු දාන්නෙ කොහාටද? හැම තැනම කොළඹ කුණූ අපිට එපා සටන් පාඨයත් එක්ක විරෝධතා.

මෙච්චර කාලයක් කිසි ක්‍රමවේදයක් නොමැතිව සියලුම කුණු එකතු කරල ගිහින් ගොඩ ගහපු එක වෙනුවට මේ වෙනකොට මිනිසුන් දැනුවත් කරල කොළඹ නගරසභාවෙන් කියල තියෙනව කුණු දෙද්දි වෙන් කරල ලබා දෙන්න නැත්තම් බාර ගන්නෙ නෑ කියල. කොළඔ විතරක් නෙවෙයි බොහෝ ප්‍රදේශවල දැන් එහෙමයි. එහෙම බාර නොගන්න කුණු තමයි අපේම මිනිස්සු තැන තැන ගොඩ ගහල ලස්සනට කොළඹ තියෙන්නෙ. ඒ විදිය වෙන් නොකරන කසල පාරවල් අයිනට ගෙනත් දාන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නව කියලත් මම ප්‍රවෘති වාර්ථාවක් දැක්ක. අවුරුදු ගානක ඉදල තියෙන මේ කුණු ප්‍රශ්ණය විසඳන එක හිතන තරම් ලේසි නැහැ. ඒකට හේතුවක් වෙන්නෙ රට කරන ඇත්තන්ගෙ උනන්දුව අඩුකම වගේම රටේ ජනතාවගේ උනන්දුවක් නැතිකම.

 

මේ කුණු ප්‍රශ්නෙට අපිට කරන්න පුලුවන් මොකක්ද?

 

  • පුලුවන් තරම් පොලිතීන් භාවිතය අවම කරන්න.
  • රැකියවට යන විට ආහාර රැගෙන යාමට කෑම පෙට්ටියක් භාවිතා කරන්න.
  • ගෙදර කුණු පිටට නොදී පුලුවන් ප්‍රමාණය ගෙදරදීම ප්‍රතිචක්‍රීකරණය සිදු කරල කොම්පෝස්ට් පොහොර සාදා ගන්න.
  • ඉවතලන කුණු වෙන් කීරීමක් සිදු කරන්න එවිට ඔබේ නගර සභාවට / ප්‍රාදේශීය සභාවට ප්‍රතිචක්‍රියකරණය පහසු වේවි.

 

අපි ආකල්පමය වෙනසක් ඇති කරගත්තොත් මේ කුණු ප්‍රශ්ණය ඉක්මනටම විසඳන්න පුලුවන් වේවි. අපි වෙනස් වෙනකම් රට වෙනස් කරන්න බෑ. දැන්ම ඉඳල කුඩා දරුවන්ට කියා දෙන්න ටොෆි කොලයක් වත් බිම දාන්න එපා කියල. ඕවනට ආදර්ශයක් වෙන්න ඒතකොට අනාගතේ අපේ රටත් පිරිසිදු ලස්සන රටක් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *